රජයේ වැවිලි සමාගම සතු පොල් තොග වෙළෙඳපලට

 09/26/2017 - 13:36
54 reads

පොල් මිල ඉහළ යාමට පිලියමක් ලෙස රජයේ වැවිලි සමාගම සතු පොල් තොග  වෙළෙඳපලට නිකුත් කිරීමට පොල් වගාකිරීමේ මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.

එහි සභාපති  කපිල යකන්දාවල මහතා පැවසුවේ ඒ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙන බවයි.

මේ දිනවල වෙළෙඳපලේ පොල් මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ඇතැම් ප්‍රදේශවල පොල්ගෙඩියක මිල රුපියල් 100කට අධික වන බවයි පාරිභෝගික ජනතාව පැවසුවේ.

පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ පාරිභෝගිකයන් සඳහා උපරිම සහනයක් ලබාදීමට කටයුතු කරන බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news