23 වන ජාතික විරුජන සම්මාන උළෙල උත්කර්ශවත්ව

 06/19/2017 - 14:42
4 reads

23 වන ජාතික විරුජන සම්මාන උළෙල  පසුගිය 15 වනදා උත්කර්ශවත් ලෙස කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වුණා.
ඒ, කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.
සිය ජීවිත අවධානමට ලක් කර ගනිමින් අන් අයගේ ජීවිත සුරකීම උදෙසා කැපවූ නිහඩ විරුවන් ඇගයීම ජාතික විරුජන සම්මාන උළෙලේ අරමුණයි.
වීර පොදු ජන පදනම සහ ජන ශක්ති රක්ෂණ සමාගම ඒකාබද්ධව සම්මාන උළෙල පවත්වනු ලැබුවා.
මෙවර ජාතික විරුජන සම්මාන සඳහා අයදුම්පත් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වූ අතර ඒ යටතේ 13 දෙනෙකු සම්මාන සඳහා නිර්දේශිත නාමයන් අතරට එක් වුණා.