එළවළු මිල සීග්‍රයෙන් ඉහළට

 06/04/2017 - 17:27
3 reads

මේ දිනවල වෙළඳපොල තුළ එළවළු හිඟ වීම හේතුවෙන් එළවළුවල මිල සීඝ්‍රයෙන් ඉහල ගොස් ඇතැයි මහජනතාව චෝදනා කරනවා.
පැවති අයහපත් කාළගුණ තත්ත්වය ඊට හේතුව බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් පෙන්වා දෙන්නේ.
මේ හේතුවෙන් එළවළු කිලෝවක තොග මිල රුපියල් 150ත් 220ත් අතර අගයක් ගන්නා බවයි වාර්තා වන්නේ.
එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙඳුන්ගේ වැඩිවීමක් පැවතිය ද ලැබෙන එළවළු ප්‍රමාණය අඩු වීම හේතුවෙන් මෙලෙස එළවළුවල මිල තවත් ඉහළ යා හැකි බව වෙළඳුන්ගේ අදහසයි.

 

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.