ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා ඍජු ගුවන් ගමන්

 05/29/2017 - 13:05
114 reads

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඕස්ට්‍රේලියාව දක්වා ඍජු ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවා.
වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකන් ගුවන් ගමන් සමාගමට ඕස්ට්‍රේලියාව දක්වා ඍජු ගුවන් ගමන් වාර හිමි වූයේ නැහැ.
ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ජීවත් වන සහ අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් එවැනිම පිරිසක් වාර්ෂිකව ගමනාන්තය බවට පත් කර ගන්නා ඕස්ට්‍රේලියාව වෙත ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට  පසුගිය කාලයේ නොහැකි වී තිබුණේ ශ්‍රී ලංකන් සමාගම මීට පෙර පෞද්ගලික අංශයට විකුණා තිබූ අවස්ථාවේ පැවති තත්ත්වයන් මතයි.
නමුත්, සියයට සියයක් රජයේ ආයතනයක් වීම ඕස්ට්‍රේලියාව සමග මෑතකදී ඇති කර ගත් රාජතාන්ත්‍රික සම්බන්ධතා සහ විශිෂ්ඨ සේවාව මත ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඕස්ට්‍රේලියාව වෙත ඍජු ගුවන් ගමනක් වෙන් කර ගැහීනට හැකි ව තිබෙනවා.
ඒ අනුව, ඕස්ට්‍රේලියාවේ මෙල්බන් ගුවන් තොටුපළට ඍජු ගුවන් ගමනක යෙදීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින්ට උදා වනවා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කළේ එළඹෙන ඔක්තෝබර් විසි නම වනදා සිට ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරන බවයි.
දෛනික ගුවන් ගමන් වාර පැවැත්වීමට ද ශ්‍රී ලංකන් සමාගම තීරණය කර තිබෙනවා.
විශේෂයෙන්ම අප්‍රිකානු සහ මැදපෙරදිග කළාපයේ සිට මීට පෙර  සිංගප්පූරුව සහ මැලේසියාව හෝ බැංකොක් හරහා ඔස්ටේ්‍රලියාව බලා ගිය ගුවන් මගීන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සත්කාරකත්වය ඉදිරියේදී ලබා ගත හැකියි.