KKS වරාය සංවර්ධනයට බිලියන 6.9ක මූල්‍යාධාර

 01/13/2018 - 14:32
2 reads

කන්කසන්තුරේ වරාය සංවර්ධන සඳහා රුපියල් බිලියන 6.9ක මූල්‍යාධාර ලබාදීමට අදාළ ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අත්සන් තබා තිබෙනවා.

ව්‍යාපෘතිය  අදියර හයක් යටතේ ක්‍රියාත්මක වන අතර පළමු අදියරයන් 04 මේ වන විටත් සම්පූර්ණ කොට ඇති බව සදහන්.

විස්තරාත්මක ව්‍යාපෘති වාර්තාව සැකසීම, භූ තාක්ෂණික අධ්‍යයන සම්බන්ධ කටයුතු, සුන්බුන් ඉවත් කිරීම, මඩ කැණීම හා ජලමාන සමීක්ෂණ ඊට ඇතුළත්.

ඉදිරියේ දී ලැබෙන මූල්‍ය ආධාර යටතේ දියකඩනය හා දැනට පවතින ජැටිය පුනරුත්ථානය කිරීම, වාණිජ භාණ්ඩ මෙහෙයුම් සඳහා නව ජැටියක් පිහිටුවීම හා වරාය යටිතල පහසුකම් ස්ථාපනය කරනු ඇති.

news24.lk
News24
sri lanka news 24
24 news
KKS harbour
India