රට පොල් ලබන සතියේ මෙරටට

 01/02/2018 - 13:56
45 reads

ඇනවුම් කරන ලද පොල් මද ලබන සතියේ මෙරටට ළඟා වන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා.
එහි ලේකම් ජේ.එච් රංජිත් මහතා පැවසුවේ ආනයනකරුවන් 11 දෙනෙකු පොල් මද මෙරටට ගෙන්වීම සඳහා අවසර ඉල්ලා ඇති බවයි.
පොල් මද මෙරටට ගෙන්වීමෙන් පසු ශාක නිරෝධායන ආයතනය මගින් ඒවා විශේෂ පරීක්‍ෂාවකට ලක් කරන බව ද හෙතෙම කියා සිටියා.
ඒ අනුව, ඉදිරියේදී පිලිපීනයෙන්ද මෙරටට පොල්මද ආනයනය කිරීමට නියමිත බවයි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.එච් රංජිත් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news