වසර අවසන රජයේ විදේශ සංචිතය ඉහළට

 12/29/2017 - 13:23
13 reads

වසර අවසාන වන විට රජයේ විදේශ විනිමය සංචිතය, ඇමරිකානු ඩොලර් බිලියන 7.8 දක්වා ඉහළ  යනු ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව පවසනවා.

හම්බන්තොට වරාය මෙහෙයුම් කටයුතු පැවැරීම වෙනුවෙන් චීන සමාගමෙන් ලැබුණු ගෙවීම් මෙන්ම 2017 වසරේ දෙසැම්බර් මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම්වල සිව්වන වාරිකය ලැබීම, මෙලෙස සංචිත ඉහළ යාමට හේතුවයි.

මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සදහන් කලේ ප්‍රතිපත්ති පොළී අනුපාතික වෙනස් නොකොර මේ වන විට පවතින මට්ටමේ පවත්වාගෙන යාමට ද ශ්‍රී ලංකා මහ බැංකුව තිරණය කර ඇති බවයි.

මේ අතර 2017 වසරේ මුල් මාස 10 තුළ රජයේ ආදායම 11.3% කින් වර්ධනය වී තිබෙනවා.

news24.lk
News24
sri lanka news 24
24 news
By the end of the year Government's foreign reserves increased