නාවුල බුලත්, පුවක් සහ කරුංකා මිල සීග්‍රයෙන් පහළට

 12/21/2017 - 14:28
55 reads

නාවුල නගරයේ බුලත් පුවක් හා කරුංකා මිල සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව තොග වෙළඳුන් පවසනවා.

සති කිහිපයකට පෙර රුපියල් පහක්ව පැවති බුලත් කොලයක මිල මේ වන විට ශත හැත්තෑව දක්වා පහළ ගොස් ඇති බවයි ඔවුන් පවසන්නේ.

දෛනිකව වැඩි වශයෙන් පුවක් අළෙවි වන නාඋල නගරයේ පුවක් මිල ද මේ වන විට පහළ ගොස් ඇති අතර අමු පුවක් ගෙඩියක මිල රුපියල් දෙකක් බව සඳහන්.

කරුංකා කිලෝ ග්‍රෑමයක් රුපියල් තුන්සිය පනහ දක්වා පහත බැස තිබෙනවා.

පසුගිය දින කිහිපය තුළ අමු පුවක් ගෙඩියක් රුපියල් පහේ සිට රුපියල් අට දක්වා අළෙවි වී ඇති බවයි වෙළදුන් පවසන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news