විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනය කිරීම ප්‍රමුඛ ඉලක්කයක් බව රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි සභාපති කියයි

 12/07/2017 - 14:17
52 reads

විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනය කිරීම තම ආයතනයේ ප්‍රමුඛ ඉලක්කයක් වන බව රිචඞ් පීරිස් ඇන්ඞ් කම්පැනි පී.එල්.සී හි සභාපති ආචාර්යය සේන යද්දෙහිගේ මහතා පවසනවා.
හෙතෙම කියා සිටියේ දොර 4ක් සහිතව නිශ්පාදනය කිරීමට අපේක්ෂිත මෙම මෝටර් රථය රුපියල් මිලියන 1.5 වැනි මිලකට පාරිභෝගිකයාට අලෙවි කිරීමට අපේක්ෂා කරන බවයි.
ලිතියම් ද්‍රාවණය අඩංගු බැටරි නිශ්පාදනය කිරීමට ද තම ආයතනය ඉදිරියේදී කටයුතු කරන බව  ආචාර්යය සේන යද්දෙහිගේ මහතා ප්‍රකාශ කළා.
රිචඞ් පීරිස් ඇන්ඞ් කම්පැනි පී.එල්.සී හි සභාපති ආචාර්යය සේන යද්දෙහිගේ මහතා මේ වබ කියා සිටියේ ඊයේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්.

 

news24.lk
News24
sri lanka news 24
24 news