ශ්‍රී ලංකා මුහුදු තීරයේ ටූනා මත්ස්‍ය ග්‍රහණය සීඝ්‍රයෙන් අඩුවෙයි

 11/29/2017 - 13:42
55 reads

දකුණු සහ නැගෙනහිර මුහුදු තීරයන්හි ටූනා මසුන් ඇල්ලීමට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසට විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ඇතැම් ධීවරයින් ටූනා මත්ස්‍ය පැටවුන් විශාල වශයෙන් ඇල්ලීම නිසා ශ්‍රී ලංකා මුහුදු තීරයේ එම මත්ස්‍ය ග්‍රහණය සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බවට මත්ස්‍ය අපනයනකරුවන් අමත්‍යවරයාට දැනුම්දීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

වැඩුණු ටූනා මත්ස්‍යයෙකුගේ බර කිලෝ ග්‍රෑම් 100ත් 150ත් පමණ වන අතර විදේශ රටවලින් පවතින ඉල්ලීම නිසා ධීවරයින් විසින් කුඩා ටූනා මත්ස්‍ය පැටවුන් දැල් යොදා ඇල්ලීමට කටයුතු යොදා ඇති බව සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news