රයිනෝ වාසනා රැල්ල තුන්වන දිනුම් ඇදීමෙන් මුදල් තෑගි සහ රන්කාසි

 11/23/2017 - 15:59
7 reads

රයිනෝ වාසනා රැල්ල තුන් වන තරඟයේ දිනුම් ඇදීම කොළඹ එක්සෙල් වර්ල්ඩ්හී දි ඊයේ උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.

එහිදි රයිනෝ රැල්ල 3 වන දිනුම් ඇදීමේ ජයග්‍රාහකයන්ට මුදල් තෑගි සහ රන්කාසි පිරිනැමීම විශේෂත්වයක්.

රුපියල් ලක්‍ෂ 25 ක ප්‍රථම මුදල් ත්‍යාග දිනාගනු ලැබුවේ මිහින්තලේ ප්‍රදේශයේ පදිංචි දනුෂ්ක සුරේෂ් වික්‍රමසිංහ මහතා විසින්.

දෙවන ත්‍යාගය වන රුපියල් ලක්‍ෂ 15ක මුදල කළුතර ප්‍රදේශයේ පදිංචි ඊ.ඒ තනූජා මහත්මිය විසින් හිමිකරගනු ලැබුවා.

රයිනෝ රූෆිං නිෂ්පාදන මිලදී ගත් සියළු පාරිභෝගිකයන්ට මෙම තරඟය විවෘතව පැවති බවයි එම ආයතනයේ මාණ්ඩලික අලෙවි කළමනාකරු ප්‍රියන්ත ජයසිංහ මහතා පැවසුවේ.

රයිනෝ නිෂ්පාදන අයි.එස්.ඕ 9001, අයි.එස්.ඕ 14,001 යන තත්ත්ව සහතිකවලින් ද පිදුම් ලබා තිබෙනවා.

news24.lk
News24
sri lanka news 24
24 news
Rhino Colorup Wasana Rella3