පසුගිය වසරට සාපේක්ෂව පොල් ඵලදාව පහතට

 11/22/2017 - 13:31
2 reads

වෙළෙඳ පළේ පොල් මිල ඉහළයාම වැලැක්වීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ පොල් වගාකිරීමේ මණ්ඩලය ආරම්භ කර ඇති සහන මිලට පොල් බෙදාදීමේ ව්‍යාපෘතිය යටතේ පොල්ගෙඩි තිස් හය ලක්‍ෂ පනස්දාස්  විසි හතරක් මේ වන විට බෙදාදී තිබෙනවා.

අමාත්‍ය නවීන් දිසානායක මහතා පොල් ගෙඩියක් රුපයල් 65 බැගින් ජංගම ලොරි, සතොස ආයතනය සහ කප්රුක සමිති මගින් අලෙවි කර ඇති බවයි.

මේ අතර, පසුගිය වර්ෂයට සාපේක්‍ෂව මේ වසරේ පොල් අස්වැන්නද සීඝ්‍ර ලෙස පහත බැස ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව 2016 වසරේ ලැබී ඇති අස්වැන්න පොල්ගෙඩි මිලියන 3011 ක් වන අතර මේ වසරේ ලැබී ඇති අස්වැන්න පොල්ගෙඩි මිලියන 2347 ක්.

 

news24.lk
News24
sri lanka news 24
24 news