ලෝක ධීවර දිනයට සමගාමීව වැඩසටහන් රැසක්

 11/20/2017 - 15:32
8 reads

හෙටට යෙදෙන ලෝක ධීවර දිනයට සමගාමීව එම කර්මාන්තය ශක්තිමත් කිරීමට අවශ්‍ය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පැවසුවේ මත්ස්‍ය සම්පත සීමාවකින් තොරව නෙලා ගැනීම අවම කිරීම මෙන්ම එය විනාශ වීමට බලපාන කරුණු රැසක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කරන බවයි.

ලොව පුරා ජනගහණයෙන් මිලියන 43ක් ධීවර කර්මාන්තයේ නියලෙනවා.

2016 වසරට සාපේක්ෂව මෙම වසරේ සමස්ත ධීවර අපනයන ආදායම 44% කින් ඉහළ ගොස් ඇති බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news