SLT Zero One Awards උළෙල මෙවරත්

 11/15/2017 - 12:58
10 reads

ඩිජිටල් ක්‍ෂේත්‍රයේ දැක් වූ විශිෂ්ඨතාවයන් වෙනුවෙන් සම්මාන පිරිනැමෙන SLT zero one Awards උළෙල මෙවරත් උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පවසනවා.

පසුගිය වසරේදී ආරම්භ කරන ලද මෙම සම්මාන ප්‍රධානෝත්සවය යටතේ නිෂ්පාදන සේවා ක්‍ෂේත්‍රයේ හොඳම ව්‍යාපාර සහ පුද්ගලයන්, ඩිජිටල් කරණයට ලක් වූ හොඳම මෙහෙයුම් ක්‍රියාවලිය ඇතුළු ක්‍ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි සම්මාන පිරිනැමීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ ප්‍රධාන විධායක නිලධාරී දලීප විජේසුන්දර මහතා පැවසුවේ SLT zero one Awards උළෙල සඳහා මෙම වසරට අදාළව ඉල්ලුම් පත්‍ර 450කට අධික සංඛ්‍යාවක් ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවයි.

සම්මාන ඛාණ්ඩ පිළිබඳ තොරතුරු හා අයැදුම්පත් මෙන්ම වැඩිවිස්තර www.zerooneawards.lk යන වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකි බව ද ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ ප්‍රධාන විධායක නිලධාරී දලීප විජේසුන්දර මහතා ප්‍රකාශ කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news