සහන මිලට පොල්

 11/13/2017 - 13:24
6 reads

රුපියල් 65ක මිලකට ස.තො.ස මගින්  පොල් අලෙවි කිරීමේ වැඩපිළිවෙළ හෙට සිට දීප ව්‍යාප්තව සිදු කරන බව පොල් අලෙවි කිරීමේ මණ්ඩලය පවසනවා.

ඒ අනුව හිඟයකින් තොරව ජනතාව වෙත පොල් ලබාදීමට හැකිවනු ඇති බවයි එම මණ්ඩලය කියා සිටියේ.

මේ අතර පසුගිය කාල සීමාව තුළ ලංකා ස.තො.ස. ආයතනයේ ආදායම ඉහළ ගොස් තිබෙනවා.

උත්සව සමය ඉලක්ක කර ගනිමින් ජනතාවට සහන මිලට අත්‍යවශ්‍ය ආහාර අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ද ස.තො.ස. හරහා ක්‍රියාත්මකයි.

news24.lk
News24
sri lanka news 24
24 news
coconut price
Sathosa