සිංගර් ලයිෆ් ස්ටයිල් ෆියෙස්ටා 2017 - නොවැම්බර් 24 වැනිදා ඇරඹේ

 11/07/2017 - 14:57
8 reads

විශිෂ්ටතම වෙළෙඳ සන්නාමය ලෙස ලාංකිකයන්ගේ විශ්වාසය දිනා ගත් සිංගර් ලයිෆ් ස්ටයිල් ෆියෙස්ටා 2017 ප්‍රදර්ශනය එළඹෙන 24 වන දා ආරම්භ වනවා.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ වන ප්‍රදර්ශනය දින දෙකක් පුරා පැවැත්වීමට නියමිතයි.

උදෑසන 10 සිට රාත්‍රී 09 දක්වා විවෘත පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සඳහා ලොව විශිෂ්ටතම වෙළෙඳ නාමය යටතේ නිපද වූ නවීනතම භාණ්ඩ දහස් ගණනක් එක් කර තිබීම විශේෂත්වයක්.

සිංගර් ලයිෆ් ස්ටයිල් ෆියෙස්ටා 2017 ප්‍රදර්ශනයේ දී මෙම නවීනතම නිෂ්පාදන ආකර්ෂණීය දීමනා සහිතව මිලදී ගැනීමට ද  එහිදී පාරිභෝගිකයන් හට අවස්ථාව හිමිවනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news