නත්තලට සමගාමීව අඩු මිලට සතොසෙන් සහල්

 10/31/2017 - 17:32
6 reads

එළඹෙන නත්තලට සමඟාමී උත්සව සමයේ දී ස.තො.ස. මගින් අඩු මිලට සහල් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම්කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසනවා.

ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත සම්බා සහල් මෙටි්‍රක් ටොන් තිස් දහසක් එළඹෙන නොවැම්බර් මාසය අවසන්වීමට පෙර ලැබෙන බවය එම අමාත්‍යංශය කියා සිටියේ.

හිඟයකින් තොරව සහල් ලබා දීමට ක්‍රියා කරන බව ද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය කියා සිටියා.

 

news24.lk
News24
sri lanka news 24
24 news