රතු ළුණු මිල ඉහළට

 10/28/2017 - 14:13
14 reads

ප්‍රමාණවත් රතු ළුණු  තොග වෙළෙඳ පොළට නොලැබීම හේතුවෙන්  රතු ළුණු  කිලෝ ග්‍රෑමයක මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

දඹූල්ල ආර්ථික  මධ්‍යස්ථානයේ වෙළඳුන් සඳහන් කළේ යාපනය ප්‍රදේශයෙන් ලැබෙන ඉතා සීමිත රතු ළුණු කිලෝ ග්‍රෑමයක් රුපියල් 330 සිට 400 දක්වා වූ මිලකට අලෙවි වන බවයි.

පසුගිය කාලය තුළ පැවති වර්ෂාව නිසා බොහෝ ප්‍රදේශයන්හි රතු ළුණු   වගාවන් විනාශ වීම හේතුවෙන් මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇති බව සඳහන්.

මේ අතර තුඹ කරවිල සඳහා ද වෙළෙඳපොළ තුළ විශේෂ ඉල්ලුමක් පවතින බව වෙළඳුන් පවසනවා.

ඔවුන් සඳහන් කරන්නේ ඇතැම් දිනවල තුඹ කරවිල කිලෝ ග්‍රෑමයක් රුපියල් 230 සිට 350 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි වන බවයි.

news24.lk
News24
sri lanka news 24
24 news