SLT රේන්බෝ පේජස් ආයතනයෙන් නව ව්‍යාපෘතියක්

 10/25/2017 - 13:40
3 reads

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ අනුබද්ධ ආයතනයක් වන එස්.එල්.ටී රේන්බෝ පේජර්ස් ආයතනය දෛනික වැටුපට සේවා සපයන නිපුණතා සහිත වෘත්තිකයන් ද එකතු කර ගනිමින් නව ව්‍යාපෘතියක් සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව, දෛනික සේවාවන් සමග ආර්ථිකය ගොඩනගා ගන්නා වෘත්තිකයන් ඇතුළු දිවයිනපුරා විහිදි සිටින සියලුම සේවා ආයතනවලට අවස්ථාව ලබාදීම මෙහි මූලික අරමුණයි.
ජල නල කාර්මිකයන්, විදුලි කාර්මිකයන් ඇතුළු තවත් බොහෝ සේවා සපයන ප්‍රාථමික වෘත්තිකයන්ගේ සිට මහපරිමාණයෙන් සේවා ලබාදෙන ආයතනවල තොරතුරු ද මේ හරහා එක් රැස්කෙරෙනු ඇති.

 

news24.lk
News24
sri lanka news 24
24 news