කටාර් අර්බුදයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑම්!

 06/07/2017 - 08:07
443 reads

කටාර් රාජ්‍යය තුළ මතුව තිබෙන රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද දැඩි බලපෑම් එල්ලවිය හැකි බව  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චිරාන්ත හීංකෙන්ද මහතා පවසනවා.

ත්‍රස්තවාදයට සහය දෙන බවට චෝදනා කරමින් කටාරය සමග පවතින රාජ්‍ය සබඳතා අත්හිටුවීමට ගල්ෆ් කලාපීය රටවල් 6ක් කටයුතු කළා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද ඉදිරියේදී බලපෑම් එල්ල විය හැකි අතර, එහි සෘජු බලපෑම එරට වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට එල්ලවිය හැකි බවයි ආචාර්ය හීංකෙන්ද මහතා සඳහන් කරන්නේ.

කෙසේ වෙතත්, කටාරයේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට මෙතෙක් කිසිදු බලපෑමක් නොමැති බවත්, අවශ්‍ය වූවහොත් ඔවුන් දිවයිනට ගෙන්වාගැනීමට කටයුතු කරන බවත්, විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අවධාරණය කර සිටියා.

යම් හදිසි අවස්ථාවක දී තොරතුරු ලබාගැනීම සඳහා 0097 455 564 936 සිය ජංගම දුරකතන අංකයට අමතන ලෙසයි කටාරයේ ශ්‍රී ලංකා තනාපති ඒ.එස්.පී ලියනගේ මහතා සඳහන් කරන්නේ.

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.