'ඉන්වෙස්ට් ශ්‍රී ලංකා' සමුළුව අද සිංගප්පූරුවේ දී

 03/02/2018 - 08:25
46 reads

කොළඹ කොටස් වෙළඳපොල විසින් සංවිධාන කරන  'ඉන්වෙස්ට් ශ්‍රී ලංකා' සමුළුව අද සිංගප්පූරුවේ දී පැවැත්වෙනවා.

ඒ සඳහා සහභාගීවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සිංගප්පූරුව බලා පිටත්ව ගියා.

ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා සිංගප්පූරුවේ ෆෝ සීසන්ස් හෝටලයේදී අද දින පැවැත්වෙන මෙම සමුළුවට කලාපීය මුල්පෙළේ ආයෝජකයින් රැසක් සහභාගී වීමට නියමිතයි.

අදාළ සමුළුව මීට පෙර බ්‍රිතාන්‍ය, අමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, ස්විට්සර්ලන්තය සහ හොංකොං හි දී පැවැත්වුණා.

2018 වසරේ ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීමත් සමඟ දෙරටේ ආර්ථික හා වෙළඳ සබඳතා ඉහළ අගයකට පත්ව ඇති බව සදහන්.

එම ගිවිසුම ඔස්සේ ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිලාභ ඉහළ නැංවීමට මෙම සමුළුව ඉවහල් වනු ඇති.

news24.lk
News24
sri lanka news 24
24 news
Prime Minister Ranil Wickramasinghe
Invest Sri Lanka
conference
Colombo Stock Exchange
CSE
promote foreign direct investments
Singapore