අන්තර්ජාලය වේගවත්ම රටවල් අතර ශ්‍රී ලංකාවට 68 වන ස්ථානය

 06/03/2017 - 09:20
656 reads

බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාලය ලොව වේගවත්ම රටවල් අතර  ශ්‍රී ලංකාවට 68 වන ස්ථානය හිමිව තිබෙනවා.

එහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටීමයි.

ශ්‍රී ලංකාව වාර්තා කර ඇති වේගය වන්නේ තත්පරයට මෙගා බයිට් 8.5ක්.

එම දර්ශකයේ ඉන්දියාවට හිමිව ඇත්තේ 89 වන ස්ථානයයි.

ඉන්දියාව වාර්තා කර ඇත්තේ තත්පරයකට මෙගාබයිට් 6.5ක වේගයක්.

ලොව ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල සේවා සපයන්නෙකු වන අමෙරිකාවේ අකාමායි තාක්ෂණික ආයතනය මෙම  නවතම වාර්තාව නිකුත් කර තිබෙනවා.

ඒ, 2017 පළමු කාර්තුව වෙනුවෙන්.

තත්ත්පරයට මෙගා බයිට් 28.6ක සාමාන්‍ය අන්තර් ජාල වේගයක් සමඟින් දකුණු කොරියාව එම වාර්තාවේ පළමු ස්ථානය හිමි කර ගෙන තිබෙනවා.

කෙසේවෙතත් කාර්යයබහුල වේලාවන්හිදී වැඩිම අන්තර්ජාල වේගයක් ඇති රට බවට සිංගප්පූරුව පත්ව ඇත්තේ තත්පරයට මෙගා බයිට් 184.5ක වේගයක් සටහන් කරමින්.

සම්පූර්ණ  වාර්තාව මෙතැනින්

 

Q1 2017 State of the Internet / Connectivity Report

Comments