ලොව වයස්ගතම සුමාත්‍රා ඔරන්ඔටන් මියයයි

13

ලොව වයස්ගතම සුමාත්‍රා ඔරන්ඔටන් සත්වයා ලෙස වාර්තා වූ 62 හැවිරිදි පෝන් මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සත්ව උද්‍යානයකදී එම සත්වයා මිය ගොස් ඇති බවයි.
ග්‍රෑන්ඩ් ඕල්ඩ් ලේඩි යන අන්වර්ථ නාමයෙන් එම සත්වයා හදුන්වා ඇති අතර මරණයට හේතුව වයසත් සමග ඇති වූ රෝගාබාධ බවට අනාවරණ වී තිබෙනවා.
1968 වසරේ සිට පර්ත් සත්ව උද්‍යානයේ එම සත්වයා ජීවත් සිට ඇති අතර සුමත්‍රා ඔරන්ඔටන් ලෙසට 2016 වසරේදී ගිනස් වාර්තා පොතටද ඇතුළත් වුණා.

Your Comments