ලය රෝහලේ සේවකයෙකු විරෝධතාවයක

5

වැලිසර ලය රෝහලේ සේවකයෙකු රෝහලේ වහලය මත නැග අද උදෑසන විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
රෝහලේ සිදුකර ඇති සේවා මුර සංශෝධනය කිරීමකට එරෙහිවයි ඔහු මෙම විරෝධතාව ආරම්භ කර ඇත්තේ.
ගිලන් රථ සේවය සඳහා අනුයුක්තව සේවය කරන මෙම සේවකයා සහ තවත් සේවකයෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් සේවා මුර සංශෝධනයකටයි රෝහල් පරිපාලනය තීරණය කර තිබුණේ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රෝහල් පරිපාලනයෙන් හා අමාත්‍යාංශ මට්ටමින් ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Your Comments