Home Uncategorized ඉටි රුවෙන් ලන්ඩනයට යන බොලිවුඩ් රුවැත්තිය

ඉටි රුවෙන් ලන්ඩනයට යන බොලිවුඩ් රුවැත්තිය

26

සුරූපී බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්ගේ රුව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් “මැඩම් ටුසේඩ්“ කෞතුකාගාරයේ ඉටි රූ අතරට එක් කිරීමට යන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ලන්ඩන්හි පිහිටි ”මැඩම් ටුසේඩ් ඉටි රූ කෞතුකාගාරය” ලෝකයේ බලවත් පුද්ගලයින්ගේ ඉටි රූ නිර්මාණයට ප්‍රචලිත ස්ථානයක් ලෙසයි ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ.

අමිතා බච්චන්, ශාරුක් ඛාන් වැනි බොලිවුඩ් නළුවන් කිහිපදෙනෙක් මෙහි ඉටි රූ ලෙස නිර්මාණය කර ඇති නමුත් තවමත් මෙයට බොලිවුඩ් නිළියකගේ රුවක් එක් කර නොමැති අතර එයද සුවිශේෂී කරුණක් වනවා.

ඒ අනුව දීපිකා එහි පළමුවැන්නිය වීමට වාසනාවන්ත වී තිබෙනවා.

ඇයගේ ඉටි රුව ලබන වසරේ මුලදී එළිදැක්වීමට නියමිත බවයි ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කර සිටින්නේ.

පසුගිය කාලයේ ලොව පුරා මහත් ආන්දෝලනයට තුඩු දුන් පද්මාවතී සිනමාපටයේ පද්මාවතියට පණ පොවන්නේ ද ඇයයි.

Your Comments