SLT Speed Up පා පැදි සවාරියේ තෙවන අදියර අද

56

එස් එල් ටී ස්පීඞ් අප් පා පැදි සවාරියේ තෙවන අදියර අද ආරම්භ වනවා.
බලන්ගොඩ සිට මහියංගනය දක්වා අද දින තරගය පැවැත්වෙනු ඇති.
එහි සමස්ත දුර ප්‍රමාණය කිලෝ මීටර 130ක්.
පාපැදි සවාරියේ දෙවන අදියර ඊයේ අවසන් වූ අතර එහි ජයග්‍රහණය හිමි කර ගත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සජිත් හංසන විසින්.
මෙරට තුළ වාර්ෂිකව පැවැත්වෙන පාපැදි තරගාවලි අතරින් ප්‍රමුඛස්ථානයක් මෙම තරගාවලියට හිමිවීම විශේෂත්වයක්.

Your Comments