Home ක්‍රීඩා පුවත් SLT ස්පීඩප් පාපැදි සවාරියේ තෙවන අදියර සැප්තැම්බර් මාසයේදී

SLT ස්පීඩප් පාපැදි සවාරියේ තෙවන අදියර සැප්තැම්බර් මාසයේදී

9

එස්.එල්.ටී ස්පීඩප් පාපැදි සවාරියේ තෙවන අදියර එළඹෙන සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව, සැප්තැම්බර් මස 4 වන දින සිට 8 වන දා දක්වා මෙම පාපැදි තරඟ පැවැත්වෙනු ඇති.
මෙවර පිරිම ඉසව්ව කොළඹින් ආරම්භ කර කිලෝමීටර් 820 ක දුරක් ගෙවා කුලියාපිටියෙන් අවසන් වීමට නියමිත අතර, කාන්තා ඉසව්වද කොළඹින් ආරම්භ කර කිලෝ මීටර් 175 ක දුරක් ගෙවා කුලියාපිටියෙන්ම අවසන් කිරීමට නියමිතයි.
මෙරට ප්‍රමුඛතම විදුලි සංදේශ සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය හා එක්ව මෙම පා පැදි සවාරිය සංවිධාන කර තිබෙනවා.
පිරිමි අංශයේ ජයග්‍රාහකයාට රුපියල් මිලියනයක් සහ කාන්තා සහ පැරා අංශයේ පළමු ස්ථානය වෙනුවෙන් පිළිවෙලින් රුපියල් දෙලක්‍ෂ පනස් දහසක් සහ රුපියල් එක් ලක්‍ෂ පනස් දහස බැගින් පිරිනැමීමට නියමිතයි.

Your Comments