44 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අද පොළොන්නරුවේදී ඇරඹෙයි

3

44 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අද පොලොන්නරුවේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
අද සිට ලබන 14 වන දා දක්වා ක්‍රීඩා උළෙල පොලොන්නරුව දිස්ත්‍රික් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 2යි 30ට සමාරම්භක උළෙල පැවැත්වෙනු ඇති.
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල සදහා පළාත් 09 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1, 543ක් එක්වන බවයි ක්‍රීඩා අමාත්‍යංශය පැවසුවේ.

Your Comments