2019 IPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය 18 වැනිදා

7

2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන 18 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ජයිපූර්හී දී ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන්  කළේ.
මෙවර තරගාවලිය සදහා ඒ ඒ කණ්ඩායම් විසින් රදවා ගන්නා ක්‍රීඩකයින්ගේ නම් මේ වන විටත් ප්‍රකාශයට පත් කර ඇති අතර කිසිදු ශ්‍රී ලාංකිකයෙකු ඒ අතර නැහැ.
ලබන 18 වනදා පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේ දී තරගාවලියට එක් වන කණ්ඩායම 8 සදහාම තවත් මිලදී ගත හැක්කේ ක්‍රීඩකයින් 70 දෙනෙකු පමණයි.
ඉන් ක්‍රීඩකයින් 50 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයින් විය යුතුයි.

 

Your Comments