2009න් පසු බංග්ලාදේශයට ආසියාවෙන් පිටතදී එක්දින ක්‍රිකට් තරගාවලි ජයක්

16

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2ට 1ක් ලෙස ජයගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණා.
ඒ, දෙරට අතර පැවති තෙවන හා අවසන් එක්දින තරගයෙන් බංග්ලාදේශය ලකුණු 18කින් ජය ගැනීමත් සමගයි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 301 ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 283ක් පමණයි.
බංග්ලාදේශ කණ්ඩායමක් 2009 වසරින් පසුව ආසියාවෙන් පිටතදී එක්දින ක්‍රිකට් තරගාවලියක් ජයගත් ප්‍රථම අවස්ථාව මෙය ලෙසයි වාර්තා අතරට එක්වන්නේ.

Your Comments