20න් පහළ ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියට ලංකාවෙන් සංචිතයක්

9

හොංකොං හිදී පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ක්‍රීඩකයන් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබෙනවා.
ලබන අගෝස්තු 10 වන දා සහ 11 වන දා ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය පැවැත්වෙනු ඇති.
එහිදී නායකත්වය සඳහා නම් කර ඇත්තේ හිටපු ශාන්ත තෝමස් සහ සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩක නවීන් හෙනකන්කානම්ගේයි.
මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, තායිපේ, සිංගප්පූරුව සහ චීනය සමඟ බී කාණ්ඩයට නම් කර තිබෙනවා.
හොංකොං, කොරියාව, තායිලන්තය සහ මැලේසියාව නම් කර ඇත්තේ ඒ කාණ්ඩය යටතේයි.

Your Comments