Home ක්‍රීඩා පුවත් සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයට...

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයට වැස්සෙන් බාධා

5

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අදයි.
වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වීම හේතුවෙන් දිනයේ තේ පානය සදහා නියමිත වේලාවට පෙර තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 161ක් ලබා සිටියා.
නොදැවී පන්දුවට පහර දුන් දිමුත් කරුණාරත්න ලකුණු 80ක් ලබා සිටිනවා.
දනුෂ්ක ගුණතිලක ලකුණු 26කටත්. කුසල් මෙන්ඩිස් ලකුණු 24කටත් දැවී ගිය අතර ඇන්ජෙලෝ මැතිව්ස් එක් ලකුණකටත්, රොෂේන් සිල්වා ලකුණු බින්දුවකටත් දැවී යාම විශේෂත්වයක්.
පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා ලකුණු 35කට බිද හෙලූ කඩුලු සංඛ්‍යාව 3ක්.
ටී. ශම්සි කඩුලු 2ක් බිද හෙලීමට සමත් වුණා.

Share this Article!

Your Comments