Home ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකා A කණ්ඩායමට එරෙහිව බංග්ලාදේශ A කණ්ඩායම තියුණු ජයක්

ශ්‍රී ලංකා A කණ්ඩායමට එරෙහිව බංග්ලාදේශ A කණ්ඩායම තියුණු ජයක්

5

සංචාරක ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමග පැවති පළමු එක් දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ ඒ කණ්ඩායම සමත් වුණා.
සිල්හෙට් හී පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ .
ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ ඒ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 280 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට කඩුළු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 278ක් පමණයි.

Your Comments