Home ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමට කඩුලු පහක ජයක්

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමට කඩුලු පහක ජයක්

5

සංචාරක ඉන්දීය යොවුන් කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් කඩුළු පහක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වුණා.
එස්.එස්. ක්‍රීඩාංගණයේ පැවති තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය යොවුන් කණ්ඩායමට ලබාගත හැකි වූයේ සියලුදෙනා දැවී ලකුණු 193 ක් පමණයි.
ඒ අනුව, ලකුණු 194 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුළු 05 ක් ඉතිරිව තිබියදී සිය ජයග්‍රාහි ඉලක්කය පසු කළා.

Your Comments