Home ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා සිව්වැනි එක්දින තරගයට වැස්සෙන් බාධා

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා සිව්වැනි එක්දින තරගයට වැස්සෙන් බාධා

4

පවතින වැසි සහිත තත්ත්වය හේතුවෙන් සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර සිව්වැනි තරගය  මේ වන විට නතර කර තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරනු ලැබුවා. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වෙනස්කම් තුනක් සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කමක් අද තරගය සඳහා සිදු කර තිබෙනවා.
ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජුනියර් ඩලා, මහරාජ් සහ ක්ලැස්සෙන් කණ්ඩායමට කැඳවා ඇති අතර ඩූ ප්ලෙස්සිස්, රබාඩා සහ ෂැම්සි කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය වෙනුවට දසුන් ශානක කණ්ඩායමට කැඳවා තිබෙනවා.
වර්ෂාව හේතුවෙන් තරගය පමා වී ඇති අතර තරගය පැවැත්වෙන්නේ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

Your Comments