ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු අනිවාර්ය නිවාඩු යවයි

5

වේග පන්දු පුහුණුකරුවෙකු වන නුවන් සොයිසා අනිවාර්ය නිවාඩු යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ, ඔහුට එරෙහිව ජගත් ක්‍රිකට් කවුන්සලය චෝදනා ගොණු කිරීමත් සමගයි.
අයි.සී.සී දූෂණ මර්ධන නීති සංග්‍රහයේ වගන්ති 3ක් උල්ලංඝනය කර ඇති බවටයි නුවන් සොයිසාට චෝදනා එල්ල වුණේ.
ඒ අනුව ඔහුට එරෙහිව ක්‍රිකට් තහනමක් ද තාවකාලිකව පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය කටයුතු කළා.
මීට පෙර ශ්‍රී ලංකා හිටපු නායක සහ තේරීම් කමිටු සභාපතිවරයෙකු වූ සනත් ජයසූරිය මහතාට ද ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් චෝදනා එල්ල කළා.

 

Your Comments