ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ගෙන් වසර 8කට පසුව ශතක සබඳතාවක්

14

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අදයි.
කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක සුරංග ලක්මාල් පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
ඒ අනුව ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක කඩුල්ල සදහා ශතකයක සබදතවයක් ගොඩ නැගීමට ධනුෂ්ක ගුණතිලක සහ දිමුත් කරුණාරත්න සමත් වුණා.
දිමුත් සහ ධනුෂ්ක පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සබදතාවය ලකුණු 116ක්.
ටෙස්ට් තරගයක දී ආරම්භක කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු මෙලෙස මෙරට දී ලකුණු සියය ඉක්මවූ සබදතාවයක් ගොඩ නැගුවේ වසර 8කට පමණ පසුව වීම විශේෂත්වයක්..
2010 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී යි අවසන් වරට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු එවැනි දස්කමක් දක්වා තිබුණේ.
එහිදී තිලකරත්න ඩිල්ෂාන් සහ තරංග පරණවිතාන එක්ව ලකුණු 102ක සබදතාවයක් ගොඩ නගා තිබුණා.

Your Comments