ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරගාවලියට එංගලන්ත සංචිතයට නවක ක්‍රීඩක බෙන් ෆොක්ස් කැඳවයි

2

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතයට නවක කඩුලු රකින ක්‍රීඩකයෙකු වන බෙන් ෆෝක්ස් කැදවා තිබෙනවා.
ඒ, කඩුලු රකින පිතිකරු ජොනී බර්ස්ටව්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ද අහිමි වීමේ අවධානමක් මතුව තිබීම හේතුවෙන්.
ජොනී බර්ස්ටව් පුහුණුවීම් අතරතුර පාපන්දු ක්‍රීඩාවේ නිරතව සිටින අවස්ථාවක ආබාධයකට ලක්වූ අතර ඒ හේතුවෙන් නිමා වූ එක්දින තරගාවලියේ අවසන් තරග දෙක ද ඔහුට අහිමි වුණා.
හෙට පැවැත්වෙන 20යි 20 තරගයද ආබාධ තත්ත්වය නිසා ජොනී බර්ස්ටව්ට අහිමි වනු ඇති.
25 හැවිරිදි බෙන් ෆෝක්ස් මෙතෙක් එංගලන්ත ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර නැහැ.
දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍්‍රිකට් තරගය ලබන 6 වනදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.

 

Your Comments