ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ එංගලන්තය වෙනුවෙන් කඩුලු රැකීම ජොස් බට්ලර්ට

3

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී එංගලන්ත කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස ජොස් බට්ලර් කටයුතු කරනු ඇති බව කණ්ඩායමේ නායක ජෝ රූට් පවසනවා.
ඒ, නිත්‍ය කඩුලු රකින පිතිකරු ජොනී බර්ස්ටව්ගේ ආබාධ තත්ත්වය මෙතෙක් සුව නොවීම හේතුවෙන්.
ඔහු ඊයේ පැවැති කණ්ඩායමේ පුහුණු සැසියට ද එක්ව සිටියේ නැහැ.
එමෙන්ම පළමු දෙදින පුහුණු තරගය සදහා ද ජොනී බර්ස්ටව් ක්‍රීඩා නොකරනු ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, පළමු ටෙස්ට් තරගයේ දී ද තමා අංක 4 ස්ථානයේ පිතිකරණයේ නිතර වන බවයි ජෝ රූට් සදහන් කරන්නේ.

 

Your Comments