Home ක්‍රීඩා පුවත් වසර 2023 දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් කාලසටහන එලිදකියි

වසර 2023 දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් කාලසටහන එලිදකියි

3

2023 වසර දක්වා වන අන්තර්ජාතික ක්‍රිකට් තරග කාලසටහන ජගත් ක්‍රිකට් කවුන්සලය ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව නව ටෙස්ට් ශූරතාවලිය සහ එක්දින ක්‍රිකට් ලීග් තරගාවලිය එම තරග කාලසටහනට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.
ටෙස්ට් ශූරතාවලිය ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් පසුවන කණ්ඩායම් 9කගේ සහභාගීත්වයෙන් 2019 වසරේ ජූලි 15 වනදා සිට 2021 වසරේ අප්‍රේල් 30 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
එහිදී සෑම කණ්ඩායමක්ම තරගාවලි 6ක් ක්‍රීඩා කරනු ඇති.
එක්දින ලීග් තරගාවලිය සදහා ටෙස්ට් කණ්ඩායම් 12ට අමතරව නෙදර්ලන්තය ද එක්වන බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.
එක්දින ලීග් තරගාවලිය පැවැත්වෙන්නේ 2020 වසරේ මැයි පළමුවනදා සිට 2022 වසරේ මාර්තු 31 වනදා දක්වායි.
එහි ඉදිරියෙන්ම පසුවන කණ්ඩායම් 7 සත්කාරක ඉන්දියාව සමගින් 2023 වසරේ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සෘජුවම සුදුසුකම් ලබනු ඇති.
සෙසු කණ්ඩායම් පහද යළි සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයටකට සහභාගී වීමට නියමිත බව සදහන්.

Share this Article!

Your Comments