ලාරා මුහුණ දුන් අභියෝගාත්මකම පන්දු යවන්නා හෙළි කරයි

34

ලොව තමා මුහුණ දුන් අභියෝගාත්මකම පන්දු යවන්නෙකු ලෙස ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් හැදින්විය හැකි බව බටහිර ඉන්දීය කොදෙව් හිටපු සුපිරි පිතිකරු බ්‍රයන් ලාරා පවසනවා.
ලොව වටා ගෙන යන 2019 අයි.සී.සී. ලෝක කුසාලන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතා කුසලානය නිව්යෝර්ක් නුවරට ළගා වූ අවස්ථාවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.
තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි මුල් සමයේ දී මුත්තයියා මුරලිදරන්ට මුහුණ දීම දැඩි අපහසු වූ බවත්, ඔහුගේ පන්දු හදුනා ගැනීම කිසිසේත් පහසු නොවූ බවත් ලාරා පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් පසුකාලීනව මුරලිදරන්ට එරෙහිව ක්‍රීඩා කිරීමේ දී තමා තුළ යම් පාලනයක් ගොඩ නැගුණු බවයි බ්‍රයන් ලාරා කියා සිටියේ.
තමා ක්‍රීඩා කළ කාලයේ ලොව සිටි හොදම දග පන්දු යවන්නන් දෙදෙනා මුරලි සහ ඔස්ටේ්‍රලියාවේ ෂේන් වෝන් බව ද ඔහු සදහන් කළා.
කෙසේ වෙතත් තමා මුහුණ දීමට වඩාත් ප්‍රියකළ පන්දු යවන්නා ෂේන් වෝන් බවයි බ්‍රයන් ලාරා අවධාරණය කර සිටියේ.

Your Comments