මැතිව්ස් යළි නායකත්වයට

21

සංචාරක දකුණු අප‍්‍රිකාණු කණ්ඩායම සමග පැවැත්වෙන දෙදින පුහුණු ක්‍රිකට් තරගය සදහා වන ශ‍්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම නම් කර තිබෙනවා.

ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට රොෂේන් සිල්වා ද නම් කර ඇති බවයි ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.

දෙදින පුහුණු තරගය ලබන 7 සහ 8 යන දිනවලදී කොළඹ පී සරා ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ අතර ලබන 12 වන දා දෙරට අතර ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ද අද නම් කළා.

දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුළත් අතර කුසල් ජනිත් සහ රංගන හේරත් ශාරීරික යෝග්‍යතාව මත තරඟාවලියට එක්වනු ඇති.

දිමුත් කරුණාරත්න ද මෙම සංචිතයට නම් කර තිබෙනවා.

Your Comments