මාලිංගගේ මොන්ටි‍්‍රයල් ටයිගර්ස් සිව්වැන්නත් පරාජයට

11

කැනඩා ග්ලෝබල් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරඟ ඊයේ නිමා වුණා.

පළමු වටයේ අවසන් තරගය ඊයේ පැවැත්වුණේ ලසිත් මාලිංග නායකත්වය දරන මොන්ටි‍්‍රයල් ටයිගර්ස් කණ්ඩායම සහ ටොරොන්ටෝ නැෂනල්ස් කණ්ඩායම අතරයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මොන්ටි‍්‍රයල් කණ්ඩායම කඩුලු‍ 4ක් දැවී ලකුණු 176ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටොරොන්ටෝ කණ්ඩායම ඉනිමේ අවසන් පන්දුවේදී කඩුලු‍ 9ක් දැවී ජයග‍්‍රාහී ඉලක්කය පසු කළා.

පන්දු යැවීමේදී ලසිත් මාලිංග ලකුණු 11කට කඩුලු‍ 3ක් බිද හෙලීමට සමත් වුණා.

කෙසේ වෙතත් මූලික වටයේ දී ලසිත් මාලිංග නායකත්වය දරන මොන්ටි‍්‍රයල් කණ්ඩායම සහභාගී වූ තරග 5න් තරග 4ක්ම පරාජයට පත් වුණා.

මේ අතර තරගාවලියේ වැඩිම කඩුලු‍ ලාභීන්ගේ ලැයිස්තුවේ තවදුරටත් පෙරමුණ ගැනීමට ලසිත් මාලිංග සමත්ව ඇති අතර ඔහු මේ වන විට කඩුලු‍ 12ක් බිද හෙලා තිබෙනවා.

Your Comments