පාකිස්ථාන – ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි

3

පාකිස්තාන කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.
මේ වන විට සිය දෙවන ඉදිම ක්‍රීඩා කරන පාකිස්තාන කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර පන්දුවාර 24 ක් අවසානයේ කඩුළු 03 ක් දැවී ලකුණු 68 ක් ලබා සිටියා.
පාකිස්තානය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 482ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඔස්ටේ්‍රලියානු කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 202ක් පමණයි.
ඒ අනුව පාකිස්තාන කණ්ඩායම, ඔස්ටේ්‍රලියානු පළමු ඉනිමට වඩා මේ වන විට ලකුණු 348 ක් ඉදිරියෙන් පසුවනවා.
මේ අතර, සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.
පළමු තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පස්වරු 2.30 රංගිරි දඹුලූ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

 

Your Comments