ප්‍රබල ස්පාඥ්ඥයත් ලෝක කුසලානයෙන් ඉවතට

12

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සත්කාරක රුසියාව සමත් වුණා.
ඒ දෙවන වටයේ දී ප්‍රබල ස්පාඥ්ඥ කණ්ඩායමට එරෙහිව පෙරළිකාර ජයක් වාර්තා කරමින්.
තරගයේ නියමිත කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකම ගෝලය බැගින් වාර්තා කර තිබුණා.
අනතුරුව ලබා දුන් අතිරේක කාලයේ දී ද කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරීමට හැකි වූයේ නැහැ.
ඒ අනුව තරගයේ ජය තීරණය කෙරුණේ දඩුවම් පහර ලබා දීමෙන්.
එහිදී දඩුවම් පහර 4-3ක් ලෙස තරගයේ ජය රුසියාවට හිමි වුණා.
ස්පාඥ්ඥ කණ්ඩායම 2010 වසරේ පාපන්දු ලෝක ශූරතාවය ද හිමි කර ගෙන තිබූ අතර රුසියාව ලෝක කුසලාන තරගාවලියක අර්ධ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලැබු පළමු අවස්ථාව මෙයයි.
මේ අතර, තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ක්‍රොඒෂියාව ද ඊයේ සමත් වුණේ ඩෙන්මාර්කය දඩුවම් පහර 3ට 2 ක් ලෙස පරාජයට පත් කරමින්.
තරගයේ නියමිත කාළය අවසන් වන විට කණ්ඩායම් දෙකම වාර්තා කර තිබුණේ එක් ගෝලයක් පමණයි.

Your Comments