පළමු තරගයෙන් ඉන්දීය කාන්තාවන්ට ජය

3

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා ඉන්දීය කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය හිමිකර ගැනීමට ඉන්දියාව අද සමත් වුණා.
ඒ, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුළු 9කින් පරාජයට පත් කරමින්.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 35යි පන්දුනක් තුළ දී සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 98ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 100 ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

Your Comments