නවසීලන්ත පළමු ඉනිම ලකුණු 274කට සීමා වෙයි

5

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.
මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින පාකිස්ථාන කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර පන්දුවාර 10 ක් අවසානයේ කඩුළු 02 ක් දැවී ලකුණු 36ක් ලබා සිටියා.
පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩඉායමට සියල්ලන් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 274ක් පමණයි.
දෙරට අතර පැවැති පළමු තරගයෙන් නවසීලන්තය ජය ගත් අතර, දෙවන තරගයෙන් පාකිස්තානය ජය ගත්තා.
මෙම තරගාවලියෙන් පාකිස්තානය පරාජයට පත් වුවහොත් 2010 වසරෙන් පසුව ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ටෙස්ට් තරගාවලියක් පරාජයට පත් වන දෙවන අවස්ථාව එය වනු ඇති.

 

Your Comments