නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කරයි

14

ජගත් ක්‍රිකට් කවුන්සලය නවතම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව නිමා වූ ඉන්දු – එංගලන්ත සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුවෙන් දස්කම් දැක් වූ මොයින් අලී පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 3ක් ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ අනුව ඔහු මේ වන විට 33 වන ස්ථානයේ පසුවනවා.
මේ අතර පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 15ක් ඉදිරියට පැමිණීමට ජොස් බට්ලර් සමත්ව ඇති අතර ඔහු මේ වන විට 32 වන ස්ථානයේ පසුවනවා.
නවක ක්‍රීඩක සෑම් කරන් ද 43 වන ස්ථානය දක්වා පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 29කින් ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.
පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් පෙරමුණ ගෙන සිටින්නේ විරාට් කෝලි.

Your Comments