Home ක්‍රීඩා පුවත් දිවා විවේකයට 103/1

දිවා විවේකයට 103/1

21

සංචාරක දකුණු අප‍්‍රිකාණු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙදින පුහුණු ක්‍රිකට් තරගයේ පළමු දිනය අදයි.

කොළඹ පී සරා ඕවල් ක්‍ර්‍රීීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගත් ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටි ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම කඩුල්ලක්‌ දැවී ලකුණූ 103ක් ලබා සිටියා.

මෙම තරගයේ දී ශ‍්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම ඇන්ජෙලෝ මැතිව්ස් විසින් මෙහෙයවන අතර දකුණු අප‍්‍රිකාණු කණ්ඩායම ෆෆ් ඩු ප්ලෙසිස් විසින් මෙහෙයවනවා.

Share this Article!

Your Comments