දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම නම වෙනස් කිරීමට තීරණය කරයි

7

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම සිය නම වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉදිරියේ දී ඔවුන් දිල්ලි කැපිටල්ස් ලෙස හදුන්වනු ඇති.
ඊයේ පැවැති උත්සවයකදී දිල්ලි කණ්ඩායමේ හිමිකාරීත්වය විසින් නව ලාංඡනයක් ද ප්‍රකාශයට පත් කර ඇති බව සදහන්.
මෙම වසරේ දී ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායමේ ක්‍රීඩකයින් 14 දෙනෙකු ඔවුන් තවදුරටත් කණ්ඩායමේ රදවා ගැනීම පසුගියදා තීරණය කළා.
ඒ අනුව ලබන 18 වනා පැවැත්වෙන අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී තවත් ක්‍රීඩකයින් 10 දෙනෙකු මිලදී ගැනීමේ අවස්ථාව ඔවුන්ට හිමි වනවා.
ඊට විදෙස් ක්‍රීඩකයින් තිදෙනෙකු සහ ඉන්දීය ක්‍රීඩකයින් 7 දෙනෙකු ඇතුළත් කළ හැකියි.

 

Your Comments